රාජිතට එරෙහි නැව් 8 නඩුව ඉල්ලා අස්කර ගනී . . .

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නැව් 08 ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම අවස්ථාවලදී සිදු කර ඇති මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් වන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇතිබව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (26) දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එලෙස දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව ‘දූෂණය’ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්නට එරෙහිව නඩුවක් ගොනුකර කටයුතු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නා බවය. ඒ අනුව, එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 8 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි. එමෙන්ම, අසාදුලේඛනයේ සදහන් විදෙස් සමාගමකට මෝදර වරාය බදුදී තිබීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් අරම්භ කරන ලෙසට පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තෙල් අර්බුදය තවත් උග්‍ර අතට - මහ බැංකු අධිපති කියයි . . .

Wed Jul 27 , 2022
  ලබන අගෝස්තු මැද සිට මෙරටට ඉන්ධන ආනයනය කිරීම තවදුරටත් අර්බුදයට යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මාධ්‍යයට හෙළි කර තිබේ. මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ, ඩීසල් නැව් තුනකට සහ පෙට්‍රල් නැව් දෙකකට මේ වනවිටත් ඩොලර්වලින් ගෙවීම් කර ඇති බවය. එම තෙල් තොග අගෝස්තු මස මැද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x