ජැකලින්ට ඇප නියමවේ . . .

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි.

මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් ජැකලින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ සුකේෂ්,  වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද තමන් කිසිදිනෙක එහි ගොස් නොමැති බවය. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවෙමින් ඇති බවය.

මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනාවලින් බේරීම සඳහා තමන් සුකේෂ්ගේ අපරාධ ඉතිහාසය පිළිබඳව නොදන්නා බවට ජැකලින් අසත්‍ය ප්‍රකාශන සිදුකර ඇති බවද ඒ සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් වෙයි. ජැකලින්ගේ, අමෙරිකාවේ සිටින සහෝදරියට ඉන්දියානු රුපියල් කෝටි 1.26ක් ලබාදී ඇති බවත් ඕස්ට්‍රේලියාවේ සිටින සහෝදරයාට ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් සහ ඉන්දියානු රුපියල් කෝටි 5.17ක ත්‍යාග ලබාදී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ජැකලින් ඇයගේ දුරකථන දත්ත මකාදමා ඇති බවත් එය සාක්ෂි විකෘති කිරීමක් ලෙස සැලකෙන බවත්ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයි . . .

Tue Nov 15 , 2022
ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමගය. ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11 ක් ගතවී තිබුණු බව ඔවුන් පවසයි. ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15 ක් ගතවන බවත් බිලියන 10 වීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x