සංක්‍රමණිකයින් නිසා කැනඩාවේ ජනගහනය මිලියනයකින් වැඩි වෙයි . . .

සංක්‍රමණිකයින්ගේ ගණන වැඩි වීම නිසා කැනඩාවේ ජනගහනය මිලියනයකින් ඉහළ ගොස් තිබේ. කැනඩාවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, 38,516,138ක්ව පැවති මේ වන විට 39,566,248ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.

එය 1957 වසරෙන් පසුව වාර්තා වූ වැඩි ම වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය වේ. මෙම ජනගහනය වැඩි වීමට 96%ක් බලපා ඇත්තේ, විදෙස් සංක්‍රමණිකයින් කැනඩාවට ගෙන්වා ගැනීම බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි එරට කම්කරු හිඟයට පිළියම් ලෙස සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම සිදු කර තිබේ.

කෙසේ වෙතත්, ඔවුන්ට අවශ්‍ය නිවාස, යටිතල පහසුකම්, ප්‍රවාහනය සහ සේවා ආදී දේ සපයා ගැනීමේදී සංක්‍රමණිකයින් අභියෝගවලට ලක්වී සිටින බව ද අදාළ වාර්තාවල දැක්වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වට්ස්ඇප් අලුත් වෙයි . . .

Thu Mar 23 , 2023
WhatsApp සමාජ මධ්‍යය සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ව්ට්ස්ඇප් සමුහ ඇඩ්මින්වරුන්ට එමගින් විශේෂ පහසුකමක් ලබාදීමට Meta සමාගම විසින් පියවර ගෙන ඇත්තේ. WhatsApp සමුහයන් (Group) භාවිතා කිරීමේදී එහි සිටින පරිශීලකයින් විසින් භාවිතා කරන පොදු වට්ස්ඇප් සමුහයන් පිලිබඳ වන තොරතුරු ඒ අනුව සමුහ පාලක ඇඩ්මින්වරුන්ට දැන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x