විදුලි බලය ගොඩ දාන්න ඉන්දියානු සමාගමක් . . .

ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජී. (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලයේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

දිගුකාලීන ද්‍රව ස්වාභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නා තුරු විදුලි බල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වාභාවික වායු (LNG) මඟින් ජනනය ආරම්භ කරමින් විදුලි බල උත්පාදන කිරීමෙන් වියදම අවම කර ගැනීම කළ හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

මෙම සාකච්ඡාවට පැමිණි ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙරටට දෙන සහය වෙනුවෙන් තමා ස්තූතිය පළකරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මෙම සාකච්ඡාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ පෙට්‍රොනෙට් LNG සමාගමේ නිලධාරීහු ද සහභාගි වූහ.

  • Chamara Amarasooriya
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 65 ක හෙරොයින් රේගුව අල්ලයි . . .

Thu Jun 22 , 2023
රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 16193 ක පමණ තොගයක් පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාවක තිබී ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.  වරාය රේගු පාලන අංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ දීර්ඝ විමර්ශනයකදී එම නෞකාවේ සීත බහලුමක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x