නුදුරේදීම ජනතා අයිතියට පත්වන අධිවේගී ගුවන් මාර්ගය . . .

ලබන වසරේ සැප්තැම්බර් අගවන විට කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය.

කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා අද (09) දිනයේ පරීක්ෂණ දුම්රියක් ධාවනය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ පැවසුවේය.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් පසුගිය ජනවාරි මස 8 වැනි දින සිට කොළඹ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය සීමා කර තිබේ. නවීකරණය කළ දුම්රිය මාර්ගය කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුඩුකාරයන් ඇණ ගැලවීමෙන් දුම්රිය මගීන් අනතුරේ . . .

Sun Jul 9 , 2023
දුම්රිය මාර්ගයන්හි ඇණ ගලවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත. ඒ අනුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් ඒ සදහා යොදවා ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යාම හේතුවෙන් මෑත දිනවල දුම්රිය පිලී පැනීමට මූලික හේතුව වීම මෙම පියවර ගැනීමට හේතුවයි. දුම්රිය නියෝජ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x