කුරුන්දි විහාරයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් . . .

කුරුන්දි විහාරය අසල අද (14) නොසන්සුන්තාවක් හටගත්තේය.  මෙලෙස එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත්තේ, එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදීය.

කුරුන්දි විහරාධිපති හිමියන් විහාර පුදබිමේ අද දින පොංගල් පූජාවක් පැවැත්වීමට පිරිසක් සූදානම් වන බවට මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් කර තිබුණි.

එම නිසා පොලීසිය මේ ගැන මුලතිව් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කොට එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමිනි. නමුත් අධිකරණය එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව අද (14) උදෑසන කුරුන්දි පුදබිමට සෙල්වරාජා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් පැමිණ සිටියේ පොංගල් උත්සවය සඳහාය. එම අවස්ථාව වන විට කුරුන්දි විහාරාධිපති ඝංඝබෝධි හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විහාරස්ථානයේ බුද්ධ වන්දනාවක නිරතවෙමින් සිට තිබේ.

පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් ද එම අවස්ථාවේදී පුදබිමෙහි රැඳී සිට ඇති බව වාර්තාවිය. මේ අතර පොංගල් පූජාව පැවැත්වීමට පැමිණි පිරිස ඊට සූදානම් වෙද්දී පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් ඊට විරෝධය පළකළේය. පසුව එම පිරිස පුදබිමේ ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පුජාවක් සිදුකර විසිර ගියේය.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සමූහ මිනී වළ හෑරීම අධිකරණය නවත්වයි . . .

Fri Jul 14 , 2023
මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස මුලතිව් අධිකරණයෙන් පෙරේදා (ජූලි 12) නියෝගයක් ලැබී තිබේ. එවැනි නියෝගයක් නිකුත් කොට ඇත්තේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නියමයන්ට අනුකූලව කැණීම් ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් ගොඩනගා ගන්නා තුරු ය. මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු නිසි ප්‍රමිතියට හා ජාත්‍යන්තර නියමයන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x