දුම්රිය අධිකාරියක් කළ පසු ගාස්තු ඉහළට . . .

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් දැනට ක්‍රියාත්මක වන වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) ක්‍රමය අහෝසි කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට රුපියල් 20ක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමානව හෝ ඊට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් දුම්රිය වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවක දී බලධාරීන් විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් වාර්තා වේ.

වාර ප්‍රවේශ පත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් විශාල ආදායමක් ලද හැකි බවත් එම ආදායමෙන් සේවක වැටුප් ගෙවිය හැකි බවත් මෙම සාකච්ඡාවේ දී අවධාරණයට ලක් ව ඇත.

දුම්රිය සේවකයන් 19,000කට ආසන්න පිරිසක් සිටින බවත් වැටුප් හා දීමනා ලබා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බව මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් මෙම යෝජනා සඳහා හේතු වී ඇති බවද එහිදී බලධාරීන් සඳහන් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ යෝජනාවත් සමඟ ඉන්දීය ප්‍රධාන පෙළේ සමාගම් නියෝජිතයන් දුම්රිය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ සඳහා නවීන තාක්ෂණය සහිත දුම්රිය එන්ජින් සහ මැදිරි ගෙන්වීමටද යෝජනා වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය ප්‍රතිචාරය ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ චිත්‍රපට නීති වෙනස් කල "මුරලි-800" . . .

Sun Sep 24 , 2023
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිලේ සුපිරි පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය ලෙසින් ඉන්දියාවේ නිෂ්පාදිත ‘මුරලි -800’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ හඬ කවා ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශන පිළිබඳ නීති වෙනස් කිරීමට සිදු වූ බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. ලෝකයේ දක්ෂතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන අපේ රටේ මුත්තයියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x