ප්‍රසන්නගේ පැරඩයිස් ලොව වටේම යයි . . .

ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම මගින් ලොව පුරා තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක් මගින් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ප්‍රසන්න මෙම චිත්‍රපටය මලයාලම් භාෂාවෙන් නිර්මාණය කිරීමද විශේෂත්වයකි. ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරත්නම්, ඉන්දියා නොවන සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව ද මෙය ලෙස සැලකේ.

‘‘පැරඩයිස්’’ චිත්‍රපටයේ මංගල දැක්ම ඔක්තෝබර් 07 වැනදි කොරියාවේ වූසාන් නගරයේ දී ප්‍රදර්ශනය කෙරේ. මෙවර ‘‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ’’ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වනුයේ ඉන්දියා හා ශ්‍රී ලංකා එකම නියෝජනය ලෙස වීම විශේෂත්වයකි.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් ප්‍රධාන චරිත මවන ‘‘පැරඩයිස්’’ චිත්‍රපටයට මෙරටින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළි පිරිසක් දායක වී සිටිති. මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී රූගත කරන ලදී. ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය කේරළයේ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් සිනමා ආයතනය නිෂ්පාදනය කර තිබේ.

  • සමන්ත යහම්පත්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය මගීන් සම්බන්ධ වැටලීම් වැඩි කරයි . . .

Wed Sep 27 , 2023
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකරන බව වාර්තා වෙයි. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණි. මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x