ඇහැලේපොළ වලව්ව මාලිගාවට එපා . . .

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීම සඳහා  ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට  කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය බවද  ඇමතිවරයා කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.

ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීවෙි  මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක  මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි.

එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වලව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.

එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.

  • අංජුල මහික වීරරත්න

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සහයක . . .

Thu Nov 9 , 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ  ක්‍රිකට් ආයතන  ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. කෙසේ වෙතත් බැංකුවේ කළමනාකාරවරයා පාර්ලිමේන්තුවේ මෙම විවාදය තිබෙන හෙයින් මුදල් නිදහස් කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x