ක්‍රිකට් නඩුවෙන් තෙවන විනිසුරුවරයාත් ඉවත් වෙයි . . .

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් නම් කරන ලද විනිසුරු මඬුල්ලේ විනිසුරු නීල් ඉද්දවෙල එම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවට දැනුම්දීම සැලකිල්ලට ගෙන පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම 20 වන දින කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (නොවැ. 16) දින නියම කළේ ය.

ඩී.එන්. සමරකෝන් හා නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ එම පෙත්සම ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවට විනිසුරු නීල් ඉද්දවෙල දැනුම් දීම හේතුවෙන් නව විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම මෙම 20 දින එසේ කැඳවීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා දින නියම කෙරිණි.

එම පෙත්සම් විභාගයෙන් ඉවත් වුණු විනිසුරු නීල් ඉද්දවෙල වෙනුවට විනිසුරු සෝභිත රාජකරුණා නම් කළ අතර ඒ අනුව ඩී.එන්. සමරකෝන් හා සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම 20 දින නැවත මෙම පෙත්සම සලකා බැලීමට නියමිත ය.

මෙම පෙත්සම විභාග කිරීම සඳහා පත් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ධම්මික ගනේපොළ හා නීල් ඉද්දවෙල යන තිදෙනා ඉවත්ව ඇත.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සඳුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාව අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට ද අභියාචනාධිකරණය තීන්දු කළේ ය.

ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු වළක්වාලමින් ඉකුත් දා පනවනු ලැබූ අතුරු තහනම් නියෝගය ඊයේ දින අවසන් වන බව ද පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පැවසී ය.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ගොනු කරන ලද පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් තහනම ඉල්ලා ඇත්තේ ශම්මි සිල්වා . . .

Fri Nov 17 , 2023
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම දේශපාලන අතපෙවීමක් නිසා පැනවූ තහනමක් නොවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ඉල්ලීමක් කර ලබාගත් තහනමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. තමා අසත්‍යයක් පවසන්නේ නම් මේ පිළිබඳව පාකිස්ථානු ක්‍රිකට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x