ප්‍රමාද වූ ලයිසන් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් . . .

ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“රියදුරු බලපත්‍ර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න තියෙනවා. ඒ ප්‍රමාදය අපි පිළිගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා.”

“ඒ වගේම ලබන්නා වූ වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඊ මෝටරින් සම්පූර්ණයෙන් ඩිජිටල් කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිතාවලින් තොරව කටයුතු කරන්න අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා.”

“ඒ අතර මේ දිනවල එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් මේ කටයුත්ත කඩිනමින් කරන්න. දීර්ඝ කාලයක් බැරි වුණ දේ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් හිරවෙලා තියෙන රියදුරු බලපත්‍ර සියල්ල වඩා නවීන තාක්ෂණයෙන් නිකුත්කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරලා තියෙනවා.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොළව යට සිරවී සිටින කම්කරුවන්ගේ පළමු වීඩියෝව . . .

Tue Nov 21 , 2023
දින නවයකට පසු පළමු වරට ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන කැමරාවක සටහන් වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බවයි. සේවකයන්ට දින කිහිපයකින් ඔවුන්ගේ පළමු උණුසුම් ආහාර වේල ලබා දීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x