ශානි කෝටියක් වන්දි ඉල්ලයි . . .

බොරු චෝදනා මත තමා අත්අඩංගුවට ගෙන අධිකරණය අනිසි ලෙස භාවිතා කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ දිසා අධිකරණයේ අද වන්දි නඩුවක් ගොනු කළේය.

තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට විවිධ පුද්ගලයන්ට බලපෑම් කරමින් අධිකරණිය අනිසි ලෙස භාවිතා කර ද්වේශ සහගත ලෙස තමා රිමාන්ඩ් බාරයට පත්කරවීමෙන් තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ශානි අබේසේකර මෙම නඩුව ගොනුකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනු කළ මෙම වන්දි නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ශානි අබේසේකර මෙම පෙත්සම ගොනුකර ඇත.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී සොයා ගත් ගිනි අවි සම්බන්ධයෙන් පසු අවස්ථාවක කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වෙනම විමර්ශනයක් පවත්වු බව සඳහන් කරන ශානි අබේසේකර ද්වේශ සහගත සහ පලිගැනීමේ චේතනාවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් තමන්ට එරෙහිව අදාළ විමර්ශනය කළ බවද සඳහන් කොට ඇත.

  • මනෝප්‍රිය ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් නවත්වයි . . .

Fri Nov 24 , 2023
එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ . ඊශ්‍රායලයේ පවතින යූධමය වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට නියමිත කාළසටහනකට අනුව ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවන නිසා , මෙසේ එමිරේට්ස් ගුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x