රටටම ආදර්ශයක් වූ අගමැති කාර්යාලය . . .

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46 කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ, අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී සියයට 21 හා 2023 ඔක්තෝබර් වනවිට සියයට 46 කින් වියදම් සීමා කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7 ක් වූ වියදම 2022 දී 1310. 4 ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර ඇති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම සියයට 36 කින් අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.

එමෙන්ම 2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණක් බවත් ඒ අනුව 2022 වර්ෂයේ පැවති රුපියල් මිලියන 239.2 ක වාහන නඩත්තු වියදම, 2023 දී රුපියල් මිලියන 72.3 දක්වා සියයට 70 කින් අඩුකරගෙන ඇති බවයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නව පරිසර හිතකාමී සංචාරක කලාපයක් . . .

Sun Nov 26 , 2023
පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර ඇති පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ ගම්පහ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පීහු අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (24) එය සංවිධාන කර තිබිණ. මහර සංවර්ධන සැලැස්ම මේ වන විට සකස් කර ඇති අතර එය ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x