කොළඹ මහ රෝහලේ ලොක්කෙක් පස්සෙන් CIDය පන්නයි . . .

වෛද්‍ය සැපයුම් අංශය මගින් කර ඇති එන්නත් වංචාව සම්බන්ධ විමර්ශනයට අදාළව කොළඹ ජාතික රෝහලේ ප්‍රධානියකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ අරඹා ඇත.

ඒ සඳහා මේ වන විටත් නීතිපති උපදෙස් පවා ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සනාථ කළේය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතය.

මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) වන විට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ භාණ්ඩාගාර නිලධාරින්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබිණි. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වූ තොරතුරු ලබා ගැනීමට මෙම නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇත.

එන්නත් වංචාවට සම්බන්ධව කෙරෙන විමර්ශනවලදී දැනට නිලධාරින් ඇතුළු තිස්අටදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර මෙහි දී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිවත් දෙදෙනකු සාක්ෂි ලබා දී ඇත.

ප්‍රකාශ ගැනීමේ දී හෙළි වූ කරුනු මත ඉදිරියේ දී මෙම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් හා ඖෂධ මෙරටට ගෙන්වන සමාගම්වල ප්‍රධානින්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නීතිපති උපදෙස් ඉල්ලා තිබේ.

  • තිස්ස රවින්ද්‍ර පෙරේරා/ උදයජීව ඒකනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රටවල් හතක සංචාරකයන්ට ලංකාවෙන් නොමිලේ වීසා . . .

Wed Nov 29 , 2023
රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමේ නියමු වැඩසටහනක් ලෙස චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් උදෙසා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව මෙම වැඩසටහන 2024 වර්ෂයේ මාර්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x