IPL හී ලොකුම ලංසුවක් මැතිව්ස්ට . . .

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි පැවැත්වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 දෙනෙකු කණ්ඩායම්වලින් මිල දී ගැනීමට නියමිත ව ඇත.

එහි දී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් සිටින බව වාර්තා වේ.

ඊට අමතර ව එම කාණ්ඩයට එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියා සංචිතයේ පැට් කමින්ස් ,ට්‍රේවිස් හෙඩ්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හැසැල්වුඩ්, ස්ට්ව් ස්මිත්, ජොෂ් ඉංග්ලිස් සහ සීන් ඇබොට් යන ක්‍රීඩකයන් ද ඇතුළත් කර ඇත.

වනිඳු හසරංග ව කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පෑනක් විදියට එන අලුත්ම ගිනි අවිය . . .

Sat Dec 2 , 2023
ඉතා සූක්ෂම ලෙස පෑනක් ආකාරයෙන් සකස් කල විදේශිය නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ඊයේ (01) වන දින යක්කල පොලිස් වසමේ කෙසෙල්වතුගොඩ පාර අසල දී වැටලීමක් සිදුකර ඇත. එහි දී නිත්‍යානුකූල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x