මාර්ග නීති කැඩූ පොලිස් ඇමතිගේ පුතා . . .

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වනවා.

අදාළ තරුණයා එලෙස රථවාහන දඩයකට ලක්ව ඇත්තේ, මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී සුදු ඉර කැපීම හේතුවෙනුයි.

මෙහිදි අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර, ඔහුට දඩ කොළයක් ලබාදීමට රථ වාහන පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

අදාල අවස්ථාවේදී, අමාත්‍යවරයාගේ පුත්‍රයා දඩ කොළය ගෙවීමට ආසන්නතම තැපැල් කාර්යාලය කුමක් දැයි විමසා ඇත. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තමා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව ඔහු දන්වා තිබේ.

පසුව කලබලයට පත් වූ පොලිස් නිලධාරීන් තමා කවුරුන්ද යන්න කලින් නොකිවේ ඇයි දැයි පවසා, රු 1,100ක මුදලක් රැගෙන තැපැල් කාර්යාලයට ගොස් දඩය ගෙවා රිසිට්පත හා රියදුරු බලපත්‍රය අමාත්‍යවරයාගේ පුත්‍රයා වෙත ලබාදී තිබෙනවා.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍යවරු හිඟයෙන් නැගෙනහිරට අසාධ්‍යයි . . .

Tue Dec 5 , 2023
නැගෙනහිර පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවත් මේ හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල සහ පළාතේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම් කොස්තා සඳහන් කරන්නේ දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x