ඩලස් පිල දෙකඩ වේ . . .

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මේ වන විට බෙදීමක් ඇති වී තිබේ.

ඒ අනුව එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වෙන් යුත් සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට නියමිතව ඇත.

මහාචාර්ය ජී.එල්. පිරිස්, නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු මෙසේ සජිත් ප්‍රේමදාස ගේ කණ්ඩායම සමග එක්වනු ඇතැයි වාර්තා වෙයි.

කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස ගේ පක්ෂය සමඟ සන්ධානගත විය යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිවී තිබෙන අතර ඒ හේතුවෙන් මෙම මන්ත්‍රීවරුන් පිරිස හෝ අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස ගේ පක්ෂය සමඟ එක්වීමට නියමිතව ඇත.

නිදහස ජනතා සභවේ අයිතියද එසේ ඉවත් වන කණ්ඩායම සතු වනු ඇතැයිද සදහන්ය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගීතාට සභාපතිධුරයක් . . .

Sat Dec 16 , 2023
ශ්‍රී ලංකා – ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පසුගියදා (08) තේරි පත්විය. ශ්‍රී ලංකා – ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x