ඉම්රාන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරයි . . .

පාකිස්තානයේ එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැනට බන්ධනාගාරගත වී සිටින ඉම්රාන් ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් නාමයෝජනා භාර දී ඇති අතර, සිරගත වීම හේතුවෙන් වසර 5කට දේශපාලනය තහනම් වන බැවින් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ බව පාකිස්තාන මැතිවරණ කොමිසම දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

ඉම්රාන් ඛාන්ගේ රජය යටතේ ඇමැතිධුර දැරූ දේශපාලඥයන්ගේ නාමයෝජනා ද ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් පිටියේ රිදී සීනුව ටෝනි ග්‍රෙග් . . .

Tue Jan 2 , 2024
ශ්‍රී ලංකාවට සැමවිටම ආදරය කළ ‘ක්‍රිකට් පිටියේ රිදී සීනුව’ යන විරුදාවලිය ලැබූ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් නිහඬ වී වසර 11ක් සපිරෙයි. ටෝනි නැති විස්තර ප්‍රකාශක කුටිය දැන් හැම්ලට් කුමරු නැති රඟමඬලක් වැනිය. ප්‍රතාපවත් පෞරුෂයකින් හා මිත්‍රශීලි කටහඬකින් පරිපූර්ණ වූ ලොව අතිවිශිෂ්ටතම ගවේෂණාත්මක ක්‍රිකට් විස්තර විචාරකයා මියගිය පුවත ලොව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x