මඩකළපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය යළි වසා දමයි . . .

මඩකළපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි නවතා දමා තිබෙනවා.

ඒ, ඊයේ (01) පස්වරුවේ මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.

එම මාර්ගයේ ගල්වැල්ල ප්‍රදේශයෙන් ලොරි රථ සහ බස් රථවලට ගමන් කිරීමටයි අවස්ථාව ලබා දී තිබූ අතර අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් යළි ගමනාගමන කටයුතු අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත් මනම්පිටිය දක්වා මගී ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ගමන්වාර කිහිපයක් අමතරව යොදවා තිබෙනවා.

මේ අතර මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් සුංගාවිල, තබාල සහ පුදුර් යන ගම්මානවල කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම අධික වැසි තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුරෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පසුගිය මාසයේ වගාකරන ලද කුඹුරු අක්කර 13,897 විනාශ වීමෙන් ගොවීන් 4,461ක් දෙනෙකු පීඩාවට පත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවන් යානයක් ගිනිගනී . . .

Tue Jan 2 , 2024
ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුකෙරන බවයි. එම ගුවන් යානය ජපාන වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x