මෙරට කොවිඩ් එන්නත ලබාගත් සියලු දෙනාට විශේෂ පණිවුඩයක් . . .

මෙරට සෞඛ්‍ය අංශයන් ගෙන් කොවිඩ් එන්නත් ලබා ගත් පිරිස වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මෙම කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු කලක් ගත වී විවිධ රෝග වැළදෙන බවට සමාජය තුළ මතුව ඇති කථාබහ සම්බන්ධයෙන් වීම විශේෂත්වයක්.

මේ පිළිබඳව තම මතය ඉදිරිපත්කරමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ මෙවැනි අදහසක්.

“කොවිඩ් එන්නත ලබා ගත් බොහෝ පිරිසක් අතර මතයක් තියෙනවා කාලයක් ගත වෙලා විවිධ ආබාධ ඇතිවෙන කියලා. හැබැයි ඒ වගේ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නෑ. විද්‍යාත්මකව තහවුරු කරන්න බෑ එය එහෙමයි කියලා”

කෙසේ වෙතත් එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය සූදානම් කිරීමක්වන අතර එහි අඩංගු වන්නේ රෝගය ඇතිකරවන ජීවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසක්. එසේත් නැතිනම් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද, එකී ජීවියාගේ අනු පිටපතක්.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙල්ගමට ප‍්‍රතිකාරවලට කෝටි දෙකයි . . .

Fri Jan 5 , 2024
ජනාධිපති අපේක්ෂකයෙකු විම සඳහා තමන්ට සියලු සුදුසුකම් ඇති නමුත් ඒ සඳහා දැන් මුදල් නැතැයි සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි. පසුගිය අරගල සමයේ තමන්ට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් මත ප්‍රතිකාර ගැනීමට කෝටි දෙකක පමණ මුදලක් වියදම් වූ බවද හෙතෙම පැවසීය. එනිසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x