“යුක්තිය” මෙහෙයුම දෙමටගොඩ නෑ . . .

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සිදු කරන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සැක මතු කරයි.

ඇය චෝදනා කරන්නේ මෙහෙයුමේදී තෝරාගත් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදු නොකරන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලඥයන් සිටිනා බව කවුරුත් දන්නා බවත් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ප්‍රබලව ක්‍රියාත්මක වන බවත් ඇය කියා සිටියි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට සුබ පතමින් දෙමටගොඩ පාතාල කල්ලි නායකයකු විසින් දැන්වීම් පුවරුවක්ද සවිකර ඇති බවත් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් සිදු කරන්නේ නැති බවත් ඇය කියා සිටී.

තම පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ට වෙඩි තබන අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් ඒ ආසන්න වාහනයක සිටි බවත් ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බංග්ලාදේශ මැතිවරණයෙන් සීක් හසීනාට ජය . . .

Mon Jan 8 , 2024
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය. බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x