ලේඛිකාවකට වන්දි ගෙවන්නැයි ට්‍රම්ප්ට නියෝග . . .

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිව සිටිය දී ලේඛිකාවක වන ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3 ක (පවුම් මිලියන 65 ක්) වන්දියක් ගෙවීමට අමෙරිකා අධිකරණය නියෝග කර තිබේ.

මේ පිළිබඳ නඩු විභාගයේදී නිව්යෝර්ක් ජූරි සභාව පැවසුවේ චිත්තවේග හා කීර්ති නාමයට හානි කිරීම සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 18.3 ක් හා දඬුවම් ලෙස ඩොලර් මිලියන 65 ක් ගෙවිය යුතු බවයි.

කැරොල් එය හැඳින්වූයේ කාන්තාවක් පහත් කිරීමට උත්සාහ කළ සෑම හිරිහැර කරන්නෙකුගේම දැවැන්ත පරාජයක් ලෙසය.

මේ පිළිබඳ අදහස් පළ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දුව අතිශයින්ම හාස්‍යජනක එකක් බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා අධිකරණයට පැමිණ සිටියද තීන්දුව කියවන විට නඩු කාමරයේ රැඳී සිට නොමැත.

1990 වසරේදී ට්‍රම්ප් විසින් කැරොල් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මීට පෙර සිවිල් නඩු විභාගයකදී සොයා ගනු ලැබීය.

කෙසේ වෙතත් ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. මෙම නඩුව මායාකාරිය දඩයමක් ලෙස හඳුන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් නවතම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරන බවට ද සදහන් කර ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වරාය නෞකා වලින් පිරී යයි . . .

Mon Jan 29 , 2024
කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ, රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන්. ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් ඉහළ ගොස් ඇති බවත්, වරායේ බහාලුම් මෙහෙයුම් ද සියයට 72කින් පමණ ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x