සජබ පාගමන පුරහලින් ඇරඹෙයි . . .

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

“වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින්, සමගි ජනබලවේගයේ සියලුම කාන්තා හා තරුණ ශාඛා සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී  ආරම්භ කළ විරෝධතාවයට ජාතික පුස්ථකාලය අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කැළණිය සරසවි බිම උණුසුම් වෙයි . . .

Tue Jan 30 , 2024
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350කට වැඩි පිරිසක්  විශ්වවිද්‍යාල පරිපාල ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක නිරතව සිටියි. ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (29) රාත්‍රියේ උද්ඝෝෂණයක් සිදුකළ අතර මෙම උද්ඝෝෂණය විසුරවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ඒ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x