හොඳටම කරනවා කිව්වට කවුරුත් හොඳටම කළේ නෑ . . .

පාරවල බැරියර් දමා ආරක්ෂක මුර භට කණ්ඩායම් යොදවා රටේ පොදුජනතාවට සහභාගි වීමට අවස්ථාව නොදී 76 වැනි නිදහස සැමරීම විහිලුවක් බවත් නිදහස් දින ජාතික උත්සවයට රටේ පොදු ජනතාවට සහභාගී වීමට නොහැකි ලෙස අවහිර කර තහනම් කර ඇති නම් එහි නිදහසක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මාර්ගගත සුරක්ෂිතභාවය කියා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ, දේශපාලනය කිරීමේ, අදහසක් දැරීමේ අයිතිය වාරණය කර ඇති බවත් එය නිදහස නොවන බවත් බංකොලොත් ලංකාව තුළ මේ මොහොතේ පවා හොරකම් සිදුවන බවත් ඖෂධ රැසකින් ඇමතිවරුන්, බලධාරීන් හොරා කා බාල බෙහෙත් ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නිදහස් උත්සවයට වියදම් කළ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් පාසල් දියුණු කරන්න යෙදවීමට හැකියාව තිබුනත් රජය එවැනි දෙයක් සිදු නොකළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජීවත් වීමේ අයිතිය සුරකින බවත් ඒ සදහා ගත හැකි දැවැන්ත එඩිතර පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (5) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අනුරාධපුර නොච්චියාගම විද්‍යාර්ථ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

අනෙකුත් පක්ෂ නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ 2024 දී පවා ජනතාව අන්දවා මන්දිර දේශපාලනයේ නිරත වී රජමැදුරුවල සැප විදීමට වුවත් සමගි ජන බලවේග රජයක් තුළ රටේ ඇති මන්දිර ඉංග්‍රීසි භාෂාවෙන් නවීන තාක්ෂණය උගන්වන මහා දැවැන්ත විශ්වවිද්‍යාල ද්විත්වයක් බවට පරිවර්තනය කරන බවත් එම නිසා මන්දිර සිහින තබා නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
භාෂාව කේන්ද්‍ර කර ගෙන දේශපාලය කළ කාලය නතර කරන ලෙසත් රටේ පාසල් දූදරුවන් 41 ලක්ෂයට ඉහළ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලබා දෙන්න කටයුතු කළ යුතු බවත් ජාති ආගම් කුල ගෝත්‍ර කේන්ද්‍ර කර ගත් දේශපාලන සටන් පාඨවල ප්‍රාණ ඇපකරුවකු කර නොගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කළ රටක කියන දේවල් කල හැකි ද කියා සමහරකුට ගැටලුවක් ඇත් නම් එම ප්‍රශ්න විපක්ෂයේ සිටින දේශපාලන නායකයන්ගෙන් අසන ලෙසත් තමාගෙන් නොඅසන ලෙසත් සෙසු අය හොඳටම කරනවා කිව්වට කවුරුත් හොඳටම කළේ නැති වුවත් බලයක් නොමැතිව ළමුන් වෙනුවෙන් හොඳටම කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

  • Media unit
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි . . .

Tue Feb 6 , 2024
විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි. ටැබ්ලොයිඞ් පුවත්පත් අනුව, යුක්රේනයේ උපන් ජපන් ජාතිකයකු වන කැරොලිනා ෂිනෝ අනියම් ඇයුරක් පවත්වා ඇත්තේ විවාහක වෛද්‍යවරයකු සමඟය. ඇය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x