රනිල් ඔස්ට්‍රේලියාවට . . .

හත්වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (පෙබ. 8) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙම සමුළුව හෙට (පෙබ. 9) සිට අනිද්දා (පෙබ. 10) දක්වා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිත ය.

ඉන්දීය පදනම සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව ජනාධිපතිවරයා එසේ පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිවරයා සමග දූත පිරිසක් ද පිටත්ව ගොස් ඇති අතර ඔවුන් අද අලුයම 12:45ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පළමුව සිංගප්පූරු ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගොස් එතැන් සිට ඔස්ට්‍රේලියාව වෙත යාමට නියමිත ය.

  •  T.K.G. Kapila-Katunayaka
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 37 මැණික් ජාවාරම . . .

Thu Feb 8 , 2024
යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත  නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාකා නිල් මැණික් (Sapphire Blue Stone) 2ක් කොස්ලන්ද පොලිසිය විසින්  සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු අතර, මෙම සිදුවීමට සම්බන්ධව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x