රනිල් සහ පර්ත් නුවර ඩයස්පෝරාව අතර හමුවක් . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස ද ඔවුන්ට ඇරයුම් කළේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ශ්‍රී ලාංකිකයෝ දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනයට අදාළව රජයට සහාය ලබාදීමට ද කැමැත්ත පළ කළහ.

ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම රජය කැපවී සිටින බවයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කරුණු පැහැදිලි කළ අතර රජය සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට එමගින් අවස්ථාව සැලසෙන බව ද පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සාගල රත්නායක මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ අඛණ්ඩ සහාය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ දී විදේශගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහාය ලබාගැනීමට රජය ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මෙහිදී කරුණු පැහැදිලි කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තලංගම ජයසිංහ නිහඬවෙයි . . .

Fri Feb 9 , 2024
සමාජ අසාධාරණයට රටට බරක් වූ දේශපාලකයින්ට එරෙහිව  පෑනෙන් තෙළිතුඩෙන් සටන් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මහතා ඊයේ (07) රාත්‍රියේ සිය ජීවන ගමන නිමා කළේය. ඔහු මියයන විට අසූ අට වියේ පසු විය. චිත්‍ර ශිල්පියෙකු, කවියෙකු, ලේඛකයෙකු, උපහාස රචකයෙකු ලෙස පත්තර කලාවේ සෑම ඉසව්වක ම දස්කම් පෑ ඔහු ජීවිතය අවසානයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x