සැලා ඉවරයි . . .

ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් හොර රහසේ ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති යෝජනාවක් අනුව රූපවාහිනි සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව විසිරුවා හැරීමට සූදානම් බව අනාවරණය වී තිබේ.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කමිටුව ලබා දුන් උපදෙස් අනුව අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති බව දේශය පුවත්පත හෙළිකර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කර වෙනම සමාගමක් පිහිටුවීමට ද අදාළ කැබිනට් සංදේශයෙන් අනුමැතිය ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රුපියල් කෝටි 130ක් සහ ගුවන් විදුලි සංස්ථාව රුපියල් කෝටි 80ක් ණය වී තිබීම හේතු කොට ගෙන මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව වැඩි දුරටත් හෙළිකර තිබේ.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හරින්ට නඩු දමයි . . .

Sun Feb 18 , 2024
සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉන්දියාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ‍එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසීය. එම ප‍්‍රකාශය හරහා අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x