ශානිට STF ආරක්ෂාව ලබාදීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා එහි ප්‍රගතිය මේ මස 27 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (21) නීතිපතිවරයාට විවෘත අධිකරණයේ දැනුම් දුන්නේය.

ජීවිත තර්ජන වලට මුහුණපා සිටින  තමන්ට නිසි ආරක්‍ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම්දීම සිදු කළහ.

ශානි අබේසේකර ට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට තිබෙන හැකියාව සොයා බලන ලෙස අභියාචනාධිකරණය ඉකුත් නඩු දිනයේ නීතිපතිවරයාට නියම කර තිබුණි.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය දක්වමින් මෙහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ නියෝගයේ ප්‍රගතිය දැනුම් දීම සඳහා පෙත්සම මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරනය නියෝග කළේය.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බන්ධනාගාරයේ සිට මෙහෙය වූ කුඩු ජාවාරම පිටුපස ළඳක් . . .

Wed Feb 21 , 2024
අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඊයේ (20) සවස මෙම ජාවාරම්කාරිය හා ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අනුරාධපුර පොලිසිය පවසන්නේ දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටින ‘ රැවුල් කුමාර හා ගලහා කුමාර ‘ අනුවර්තන නම්වලින් හඳුන්වනු ලබන M.G.මහින්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x