අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් පළා යති . . .

අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු අද (මාර්තු 29) දහවල් පළා ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි.

mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, පළා ගොස් ඇති රැඳවියන් දෙදෙනා අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ය.

පළා ගිය රැඳවියන් දෙදෙනා එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය යොදවා සිටි ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හෙරොයින් සම්බන්ධව මෙම රැඳවියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ත් පළා ගිය එක් රැඳවියෙකුට රු. 5,500 දඩයක් සහිතව මාස 6ක සිර දඬුවමක් සහ අනෙක් රැඳවියා රු. 10,000 දඩයක් සහිතව මාස 2ක සිර දඬුවමක් නියම කර තිබූ බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

පළා ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම බන්ධනාගාර නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දොරමඩලාවෙන් මතු වූ සැක කටයුතු අස්ථි කොටස් . . .

Fri Mar 29 , 2024
දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු සත්ව කොටස් අතර සැක කටයුතු ලෙස තිබූ පුද්ගල අස්ථි කොටස් හේතුවෙන් මිහින්තලය පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි. එම අස්ථි කොටස් හමුවූ ස්ථානයේම තිබී සුනඛයෙකුගේ හා නාගයකුගේද අස්ථි කොටස් තිබී හමුවූ බව මිහින්තලය පොලිසිය පවසයි. මිහින්තලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පිළිසුණු අස්ථි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x