ලොව පුරා ප්‍රබල බැංකු රැසක් හදිසියේ කඩා වැටෙයි . . .

කොටස් මිල පහත වැටීමෙන් අර්බුදයකට ලක්ව සිටින ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් ස්විස් බැංකුව, ස්විස් මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 54ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි. බැංකුවේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මතුවූ මතභේදකාරී තත්ත්වය සමනය කිරීම එහි අපේක්ෂාව බව සඳහන්ය.

ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ මූල්‍ය වාර්තාවේ දෝෂ කිහිපයක් හඳුනාගැනීමෙන් පසුව එහි කොටස් මිල පහළ වැටුනු නමුත් එම බැංකුවට ස්විට්සර්ලන්ත මහ බැංකුවේ සහාය ලැබෙන බව නිවේදනය කිරීමත් සමගම බැංකුවේ කොටස් මිල 24%කින් වර්ධනය වී තිබුණි.

අමෙරිකාවේ “සිලිකන් වැලී බැංකුව” සහ තවත් බැංකු කිහිපයක් හදිසියේ කඩාවැටීම හේතුවෙන් අමෙරිකානු මූල්‍ය පද්ධතිය දැඩි සංකූලතාවකට ලක්වුණි.

එහි බලපෑමෙන් ලොව පුරා බැංකුවල කොටස් මිල පහළ ගිය අතර, ඉන් වැඩිම පීඩනය එල්ල වූයේ යුරෝපීය බැංකුවලටය.

මේ අතර බැංකු අර්බුදයේ බලපෑමෙන් ජපානයේ, හොංකොං සහ ඔස්ට්‍රේලියාවේ බැංකු කිහිපයක ද කොටස්  1% කින් පහළ ගොස් ඇතැයි අද (16) වාර්තා වුණි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඇමරිකාව ⁣ටික්ටොක් සමාගමට තර්ජනය කරයි . . .

Thu Mar 16 , 2023
ටික්ටොක් යෙදුමෙහි හිමිකාරීත්වය දරණ චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සමාගමක් වන බයිට් ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරයි. අමෙරිකානු රජය පවසන්නේ එම චීන සමාගම ටික්ටොක් යෙදුම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවයි. එසේ නොකළහොත් ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x