ලොව ධනවත්ම නගරය . . .

ලොව ධනවත්ම නගරය බවට අමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් පත්ව ඇත.

මෙය මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත.

ලොව ධනවත්ම නගර අතර දෙවන ස්ථානය මිලියනපතියන් 290,300ක් වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත් තෙවන ස්ථානය මිලියනපතියන් 285,000ක් වෙසෙන අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ප්‍රදේශයටත් හිමිව තිබේ.

ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ නගර ද ඇතුළත්ව අමෙරිකාවේ නගර 04ක් ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත්වීම විශේෂත්වයකි. චීනයේ බීජිං හා ෂැංහයි, ලන්ඩන්, සිංගප්පූරුව, හොංකොං සහ සිඩ්නි 2023 වසරේ ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත් සෙසු නගර වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දමන්න . . .

Wed Apr 19 , 2023
දේශීය බැතිමතුන්ට අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමිය යුතු බව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි පවසනවා. උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, අවාරයේ සිරිපා කරුණා කරන ඇතැම් පුද්ගලයින් එහි දේපළවලට සහ සතා සිවුපාවුන්ට හානි කරන බවත්, අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමීමට නීති සම්පාදනය කළ යුතු බවත්ය. නමුත් උන්වහන්සේ පවසන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x