කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේ දී අද (5) උදේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු විසි තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . මහනුවර සිට මීගමුව බලා ගමන් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට මුතූර් බලා ගමන් ගත් ලංගම බස් රථයක් […]

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කාර්ය ඊයේ (4 දා) සිට ආරම්භ කර ඇත. එහි මූලික අධියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත්කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට එහි හිමිකරු […]

අදට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොළඹ විජේරාම පිහිටි තම නිල නිවසේ ඉදිරිපිට කඩල දන්සලක් පැවැත්වීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.  

කටුනායක ගුවන් තොටුපලට පැමිණි යානා තුනක් අයහපත් කාලගුණ තත්ත්වය මත මත්තල ගුවන් තොටුපල වෙත හරවා යවා තිබේ. ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පැවති අධික වැසි සහ අකුණු ගැසීම මත මෙම පියවර ගත් බව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙල්බර්න්, මාලේ, දමාම් සිට පැමිණි ගුවන් යානා තුනක් මෙසේ මත්තල දක්වා හරවා යවා තිබේ. […]

දකුණු කොරියාවේ සියෝල් නගරයේ දී ලෝක සාම සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද විශේෂ දේශනය මෙහි දැක්වෙයි. ගෞරවනීය මූන් මැතිණියනි, ජාත්‍යන්තර විශ්ව සාම සම්මේලනයේ ගෞරවනීය සභාපති, ආචාර්ය තෝමස් ජී වොල්ෂ් මැතිතුමණි, ගෞරවණීය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය යුන් යොන් හෝ මැතිතුමණි, රාජ්‍ය නායකයිනි, රාජ්‍ය තාන්ත්‍රිකයිනි, සම්භාවනීය ආරාධිතයිනි, නෝනාවරුණි, මහත්වරුණි, […]

වසර 70කට පසු එංගලන්තයේ අලුත් රජෙක් ඔටුනු පළඳියි. ඒ එරට රාජකීය ධූරාවලියේ හැටදෙවැනි රජු ලෙස ඉතිහාසයට එක්වන 74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජුය. තුන්වැනි චාල්ස් සහ කැමිලා රාජමහේසිකාවගේ ඔටුනු පැළඳීමේ මංගල්ලය වසර 1200කට වඩා ඉපැරැණි ඓතිහාසික ඓශ්චර්යයක් නැවත ලන්ඩනය කරා සම්ප්‍රාප්ත කර තිබුණි. ඒ අනුව 2023 වසරේ මැයි 6 වැනිදා ඉතිහාසයට […]

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර ඇත. එහිදී ඔහුගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට […]

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන අද (4) අභාවප්‍රාප්ත විය. කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය. දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාවක හෙට (5) පෙරවරු 8.30 සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු […]

මේ දිනවල පැතිර යන වෛරස් උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ‘මව්බිම’ට ඊයේ (මැයි 3) පැවසීය. සෑම ප්‍රදේශයක ම මේ වන විට පැතිර ඇති එම රෝගයේ ස්වභාවය හා කොවිඩ් රෝගයේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇතිවිය […]

තම බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට බිරිඳව ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැණින. වයස අවුරුදු 24ක් වන ඔහු සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් සහ කුලී රථ සමාගමකින් ජීප් රථයක් ද ලබා දී මිතුරා ලවා මෙම අනතුර සිදු කර ඇත්තේ. පසුගිය අප්‍රේල් මස 30 වැනි දින පිටිගල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.