තැපැල් කාර්යාල අර්බුදයක . . .

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවයි.

එහි කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර පැවසුවේ මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම බවයි.

“තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අවුරුදු 10කට ආසන්න ප්‍රමාණයකින් බඳවා ගැනීම් සිදුකරලා නෑ. 5,000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න ඕනේ හැබැයි 2‍,000කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩු විදියට පවත්වාගෙන යන්නේ.

ඒ තුළ මහජන සේවා ලබාදීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහජනතාවට පිංපඩි, විශ්‍රාම වැටුප්, රජයේ විවිධ ගෙවීම් සිදුකරනවා. මේ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් ගැන ලොකු ප්‍රශ්නයක් මේ මාසයේ ඇතිවෙලා තියෙනවා.

භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් නිසිවේලාවට ලබානොදීම සහ මුදල් කළමනාකරණය ගැන තිබුණු ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ බඳවා ගැනීම් නතර කරලා තියෙනවා. ඒ තුළින් දෛනිකව ලිපිබෙදා දීමේ ගැටලුවක් ක්‍රමයෙන් උද්ගත වෙමින් තියෙනවා.”

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිනිස් වෙළඳාමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට . . .

Wed Oct 11 , 2023
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් මිනිස් වෙළදාමක නිරත වූ චීන ජාතිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (59) හැවිරිදි චීන ජාතිකයෙකි. ශ්‍රී ලාංකිකයන් පිරිසක් තායිලන්තයේ පරිගණක දත්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x