ණය වී සැඟව සිටි තේ ව්‍යාපාරිකයා මාට්ටු . . .

දෙනියායෙ බැංකුවකින් මුදල් රැගෙන නිවසට පැමිණෙන බව කියා අතුරුදන්ව සිටී සිටි තේ දළු ව්‍යාපාරිකයා නුගේගොඩ දෙල්කඳ ව්‍යාපාරික මිතුරකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

එම මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දෙනියායේ සිට පැමිණි තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර මංජුල ට බුද්ධි නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගෙන ඇති අතර ඔහු බැංකුවෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 10 යි මුදලින් ලක්ෂ තුනක ඉඳලා නැවතත් බැංකු ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කොලොන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයේ තේ දළු මිළ දී ගන්නා ප්‍රධාන ව්‍යාපාරිකයා බවත් කිසියම් හේතුවක් හේතුවෙන් ඔහු ණය වීම හේතුවෙන් ඔහු බැංකුවෙන් මුදල් රැගෙන පැමිණෙන විට පැහැර ගත් බවට සමාජයට හැඟවීමට මිතුරාගේ නිවසේ සැඟව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 16 වැනි දින ඔහු නිවසින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අඹගස්දෝව රක්ෂිතයක ගින්නක් . . .

Sat Aug 19 , 2023
අඹගස්දෝව පොලිස් වසමට අයත් උඩුහාවර ඇත්ඔළුව කන්ද රක්ෂිතයේ අද දහවල් ඇතිවු ගින්නකින් අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි. උඩුහාවර මහා විද්‍යාලය අසන්නයේ පිහිටි මෙම රක්ෂතයේ ටර්පන්ටයින් ඇතුළු විවිධ වර්ගයේ ශාක විශාල ප්‍රමාණයක් ඇති අතර පවතින වියළි කාලගුණ තත්වයත් සමග ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබේ. පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x