නේපාලයේ භූ කම්පනයෙන් 157ක් මරුට . . .

නේපාලයේ කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි ජජාර්කොට් දිස්ත්‍රික්කයේ පසුගියදා සිදු වූ රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 157 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2015ට පසු නේපාලයේ සිදු වූ දරුණුතම භූ කම්පනය මෙය බව ද වාර්තා වේ. භූ කම්පනයෙන් නිවාස සහ ගොඩැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර, තුවාල ලැබූ 160කට වැඩි පුද්ගලයන් පිරිසක් රෝහල්ගතකර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

භූ කම්පනයෙන් පසු තවත් සුළු කම්පනයන් කිහිපයක්ම වාර්තා වී ඇති අතර, බියට පත් ජනතාව නිවාසවලින් පිටවී එළිමහන් ස්ථානවල කල්ගත කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එරට ග්‍රාමීය කඳුකර පළාතක මේ භූ කම්පනය සිදුවී ඇති බවත්, බිඳ වැටුණු නිවාස සහ ගොඩනැගිලිවලට සිර වූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. එහෙත් එම ස්ථානවලට ළඟාවීම දුෂ්කර වී ඇති බැවින් මෙහෙයුම් අඩාල වී ඇති අතර, මාර්ග රැසක් ද පස්වලින් යට වී ඇතැයි සඳහන් වේ.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රි ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් . . .

Mon Nov 6 , 2023
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ. පුද්ගලයන් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවෙහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කටයුතු කරයි. ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත. එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x