ප්‍රමිතියෙන් තොර ඩීසල් තොගයක් ගොඩබෑම අත්හිටුවයි . . .

ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක් ම ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්‍ෂාවේදී සනාථ වෙයි.

එම ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දර්ශන රත්නායක ‘මව්බිම’ට පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් මේ සඳහන කළ ඔහු ඉන් ඩීසල් මෙටි්‍රක් ටොන් 8400ක් ප්‍රමිතියෙන් යුතු බවට දෙවතාවක් සිදුකළ රසායනාගාර පරීක්‍ෂාවකින් තහවුරු වීමත් සමග එම ඩීසල් තොගය පමණක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය වෙත ගොඩබෑ බව ද සඳහන් කළේ ය.

කොළඹ වරායට ඉකුත් 5 වන දා එම්.ටී. ෆොස් පවර් නමැති මෙම නෞකාව සේන්දු වූ අතර එහි පෙට්‍රල් සහ ඩීසල් තොග බහා තිබිණි.

ප්‍රමිතිය පරීක්‍ෂාවෙන් පසු මීට පෙර එහි තිබූ ඔක්ටේන් 92 පෙට්‍රල් ගොඩබෑමට අවසර දුන් අතර ඩීසල් තොගයේ පරීක්‍ෂණ කටයුතු අවසන් නොවූ හෙයින් එම ඩීසල් තොග ගොඩනොබෑමට තීරණය කරනු ලැබීය. පසුව මෙලෙස ඩීසල් තොගයේ රසායනාගාර පරීක්‍ෂාව සිදුකොට අවසන් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක් . . .

Wed Nov 15 , 2023
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර  එම කාරක සභා රැස්වීම යන අතරේදී  කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට  විවිධ රහසිගත සංඥා දෙමින්  උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම  බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x