මහින්ද, ගෝටා, බැසිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න සාකච්චා . . .

ශ්‍රී ලංකාව බංකොලොත් කරන කළ පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති තීරණය අනුව ඊට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගය වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික‍්‍රම සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම කටයුතු සඳහා පක්ෂ විපක්ෂ සියළු දෙනා එකතු වී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතු බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත් භාවයට පත්වීමත් සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්, බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු හත් දෙනකු ඊට වගකිය යුතු බවය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් . . .

Fri Nov 17 , 2023
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගුවන් තොටුපළට හෝ වෙනත් ස්ථානයකට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (17) පොලිසියට නියෝගයක් නිකුත් කර තිබේ. ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායිස් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත. දිවයිනට පැමිණීමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x