ප්‍රයෝජනයක් නැති රජයේ ඉඩම් බදු දෙයි . . .

ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ  ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීති ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය ආදී විවිධ හේතුන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී  භාවිතයකින්  තොරව පවතින බව අයවැය කතාවේදී ජනාධිපතිවරයාද පෙන්වා දී ඇතැයි රජය කියයි.

විශාල ප්‍රමාණයේ ඉඩම් හා ඌණ ඉපයෝජිත ඉඩම් අපනයනය කළ හැකි භෝග වගා කිරීම, අපනයනය සඳහා පශු සම්පත් ගොවිපළ ඇති කිරීම සහ වෙනත් අපනයනය කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තෝරා ගනු ලබන අයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ සඳහා දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් සමාජයට බහුවිධ ප්‍රතිලාභ අත්වන අයුරින් එකී ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශය විසින් වැවිලි ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ද රජය කියයි.

එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සජිත් ජනාධිපති කර මාත් පාර්ලිමේන්තු යනවා . . .

Tue Feb 13 , 2024
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහයෝගය ලබාදුන් පුද්ගලයකු ලෙස තමන් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු යුද හමුදාපති සමගි ජන බලවේගය ප්‍රතිපත්ති සම්පාදක ප්‍රධානී ජනරාල් දයා රත්නායක සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ අතීතයේ දී දක්ෂයකු බව ඔප්පු කර තිබුණද ජනාධිපති වූ පසු අඩුපාඩු සිදුවූ බවද හෙතෙම පෙන්වා දෙයි. කෙසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x