ඉතාලි වීසා ලබාදීම VFS ආයතනයෙන් . . .

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (13) සිදුවිය.

එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම් දුන්නේය.

පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිලිබඳවද තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බවත් එහි ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවත් තානාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවසීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සපුගස්කන්දේ ගෑස් නළයකට වැදුණු අකුණුු සැර . . .

Mon May 13 , 2024
සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ (කුළුණට) ගෑස් සපයන නලයකට ඊයේ (12) සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බවයි සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග සඳහන් කළේ. ඊයේ (12) පස්වරු හතරහමාරට පමණ දැඩි වර්ෂාවත් සමඟ මෙම අකුනු සැර වැදී ඇති අතර අකුණත් සමඟ ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වුනේ. සිද්ධිය සැලවීමත් සමඟ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x