ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.
විශේෂයෙන් ම, ලංකා බැංකුව යොදවා විදේශීය ණය රජයට ලබා ගැනීමේ සැලසුමක් තිබේ දැයි එම බැංකුවේ කලමනාකාරීත්වයේ බරපතළ සැකයක් ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුරය දැරූ සමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සිටි සභාපතිවරයා ඉවත් කර ඩොලර් මිලියන 1,000ක විදේශ ණය ලබා ගැනීමට උත්සාහ කළ ආකාරයෙන් ම ලංකා බැංකුව යොදා ගැනීමට ආණ්ඩුව සූදානම් වේ දැයි සැක මතු වී ඇත.
ජනාධිපති රනිල් වික්රමසිංහ මුදල් ඇමති ධුරය දරන අතර රාජ්ය බැංකු සියල්ලම ඔහු යටතේ පවතී. මේ වනවිටත් විවිධ අවස්ථාවල ජනාධිපති බලතල යොදවමින් රජයේ නිලධාරීන්ට තර්ජන එල්ල කරමින් සිටින පසුබිමක මෙන්ම, ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් විකිණීම ඔහුගේ මූලික අරමුණක් බව ප්රකාශ කර තිබෙන තත්වයක් තුළ මෙම සැකය තව දුරටත් තීව්ර වී ඇත.
- lankatruth