ජපානය සඳට යැවූ යානයේ දෝෂයක් . . .

ජපානය සඳ මත ගොඩබැස් වූ යානාවේ රොබෝ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන තිබේ.

සඳ මත සාර්ථක ගොඩබැස්වීමක් සිදු කළද ජපන් යානාවේ රොබෝ යන්ත්‍රයේ සූර්ය බලශක්ති පද්ධතියේ දෝෂයක් හටගෙන ඇතැයි බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඒ හේතුවෙන් සඳ මත මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා විය හැකි බව වාර්තාවේ.

කෙසේ වෙතත්, මෙහෙයුම සුරැකීමට ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින අතර තවමත් ඉදිරි තත්ත්වය සම්පූර්ණයෙන් තේරුම් ගෙන නොමැත.

සඳ විමර්ශනය කිරීම සඳහා වන ස්මාර්ට් ලෑන්ඩරය චන්ද්‍ර පෘෂ්ඨය මත මෘදු ස්පර්ශ කිරීමක් සිදු කළේ පෘථිවි වේලාවෙන් ඊයේ රාත්‍රියේයි.

මේ අනුව අමෙරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳ තරණය කළ ලොව 5වන රට ලෙස ජපානය සැලකේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොරියන් නාට්‍ය බලන්න තහනමක් . . .

Sat Jan 20 , 2024
දකුණු කොරියානු නාට්‍ය නැරඹූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුට උතුරු කොරියාව බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ඒ, දකුණු කොරියාවේ චිත්‍රපට, නාට්‍ය සහ ගීත නැරඹීම උතුරු කොරියාව විසින් තහනම් කර ඇති පසුබිමකයි. අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x