බණ්ඩාරනායක ඝාතකයාගේ මරණ සහතිකයක් නිකුත් කරලා නෑ . . .

හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ තල්දූවේ සෝමාරාම හිමියන් එල්ලා මැරූ බවට සඳහන් වුවත් එම නමින් මරණයක් ලියාපදිංචි වී හෝ මරණ සහතිකයක් නිකුත් කර හෝ නොමැති බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ සඳහන් කර තිබේ.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කරන්නේ අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂට ප්‍රශ්නයක් යොමු කරමිනි.

තල්දූවේ සෝමාරාම හිමියන් එල්ලා මරා දමා ඇති බව සඳහන්ව ඇත්තේ 1962 වසරේ ජූලි මස 6 වැනිදා බවද එම ප්‍රශ්නයේ සඳහන් වෙයි.

ඒ හිමියන්ගේ මරණ සහතිකය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබේද යන්න හා එසේ නොමැති නම් පරීක්ෂණයක් පවත්වන්නේද යන්නත් මන්ත්‍රිවරයා ප්‍රශ්න කර තිබේ. 1948 පෙබරවාරි මස 4 වැනිදායින් පසු මරණ දඬුවම නියම කිරීමෙන් පසුව එල්ලා මරණයට පත් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද යන්නත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ මරණ සහතික නිකුත් නොකළ තවත් පුද්ගලයන් සිටීද යන්නත් මන්ත්‍රිවරයා සිය ප්‍රශ්නයෙන් ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා සති තුනක කාලයක් අවශ්‍ය බව සභා නායක, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේය.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දකුණේ පිරිස් ප්ලේන්ටි බාගයට හුරු වෙති . . .

Wed Mar 6 , 2024
දකුණේ ඇතැම් තේ  කඩවලින්  ප්ලේන්ටි භාගයක් ලබා ගැනීමට බොහෝ පිරිස් පුරුදුව සිටින බව වෙළෙඳහල් හිමියෝ පවසති.  තේ එකක මිල රුපියල් 50ක් වන අතර රුපියල් 25ක් දී ප්ලේන්ටි භාගයක් මිලට ගැනීමට ඇතැම් පිරිසක් කටයුතු කරයි. වැඩි වශයෙන්ම දිනපතා එකම ගනු දෙනුකරුවන් පිරිසක් පැමිණෙන ඇතැම් ඇඟලුම් කම්හල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x