සුමන්දිරන් මාලිමාවට . . .

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට සිය පක්ෂයෙන් පෞද්ගලිකව ආරාධනයක් නොකළ බවත් ඔහු උත්සවය පැවැති අවස්ථාවේදී ඊට අනාරාධිතව පැමිණි බවත් ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් යාපනයේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී සියලු දේශපාලන පක්ෂවලට පොදුවේ ආරාධනාවක් කළ නමුත් සුමන්තිරන් මන්ත්‍රිවරයාට පෞද්ගලිකවම ආරාධනා නොකළ බව ද චන්ද්‍රසේකරන් සඳහන් කළේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා එම ජනහමුවට සහභාගි වීමෙන් පසුව පැමිණි පිරිස පිළිගත් සාමාන්‍ය ක්‍රමයට අනුව ඔහු ද පිළිගත් බව කී හිටපු මන්ත්‍රීවරයා ඔහු එදින ජාතික ජනබලවේග ජනහමුවේ කථිකයකු නොවූ බවද ප්‍රකාශ කළේය.

මේ ජනහමුවට සහභාගි වීමෙන් පසුව දෙමළ ජනමාධ්‍යයට සුමන්තිරන් මන්ත්‍රීවරයා විවිධ ප්‍රකාශ කොට තිබූ නමුත් එම අදහස් හා මතවාද දෙමළ ජාතික සන්ධානය හා ජාතික ජන බලවේගය විසින් සාකච්ඡා කොට ගන්නා ලද තීරණ නොවන බව ද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

  • දිනසේන රතුගමගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි තුනක කොකේන් ගිලූ කාන්තාව . . .

Mon Apr 15 , 2024
රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 75 ක් පමණ ගිල දමා පැමිණි විදේශීය  කාන්තාවක් පසුගිය (12) වැනිදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවකි . ඇය මුලින්ම ඉතියෝපියාවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x