10 ශ්‍රේණියට ලබන වසරේදී නව විෂයක් ඉගැන්වේ . . .

ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

සියලුම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම පෘථුල පරිවර්තනයකට ලක් කළ යුතු ඔහු පවසයි. එසේම වර්තමාන විවිධ සමාජ ක්‍රියාකාරකම්වලින් විශේෂයෙන් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්ෂා කරගැනිමේ අභියෝගයකට ද අප මුහුණ දී සිටින බව අමාත්‍යවරයා පෙවන්වා දුන්නේය.

ඒ අනුව පාසලට නොපැමිණිය යුතු නුසුදුසු ආහාර ආදී විවිධ භාවිතයන් හා සිරිත් පාසල්වලට පැමිණීම වළක්වා ගැනීම සඳහා කොළඹ පාසල් එකසිය හතළිස් හතරේම ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා එම ගුරුවරුන් උපදේශනය සඳහා යොදවා ගන්නා බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින පුහුණු උපදේශකවරුන්ගේ සහාය ද මීට ලබා ගන්නා බවත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අද කොළඹදී පැවැති විරෝධතා පා ගමන . . .

Wed Nov 2 , 2022
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව යටතේ විරෝධතාව අද පස්වරු 3.30ට පමණ ආරම්භ විය. විරෝධතාකරුවන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට රැස්වූ අතර ඊට සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x