විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි . . .

විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු සඳහන් කළේ  එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි.

මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ  බවත්  මෙම අතිරේක පිරිවැය  පියවාගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මේ  ඉල්ලීම කළ බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර  සිල්වා පැවසීය.

මේ වසරේ ජල විදුලි ධාරිතාව ගිගාවොට් පැය  4500ක් අපේක්ෂා කළ නමුත් ගැනීමට හැකිවූයේ ගිගාවොට් පැය 3750 ක් පමණක් බවද  සාමාන්‍යාධිකාරීවරයා කීය.

මේ නිසා ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින්  ගැනීමට සිදු වූ බවද  ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ සවිස්තරාත්මක දත්ත මහජන උපයෝගිතා කොමිෂන්  සභාවට අනිද්දා  සඳුදා  ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

විදුලිය නිෂ්පාදනය කිරීමට වැයවන අධික පිරිවැය හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද  විදුලි බිල ඉහළ දැමිණි.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර ඇතිවීමේ අවධානමක් . . .

Fri Sep 29 , 2023
නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවිනි. ඊට අදාළ පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x