ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ක් ගැන කැබිනට් තීරණයක් . . .

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි අනූනමයකින් සමන්වින අතර 2022/1/3 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජ  තෙල් පර්යන්ත පුද්ගලික සමාගමකට වසර පනහක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් කිරීම ඇතුළුව මූලික පියවර මේ වන විට ආරම්භ කර තිබෙන බව රජය පවසයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම යන ව්‍යාපාර මාදිලි අනුගමනය කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ සිදුකිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝච්චියක් හැතැප්ම හතරක් රිවර්ස් එකේ . . .

Tue Jan 2 , 2024
කොළඹ කොටුවේ සිට මීරිගම  බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ  කිසියම් දෝෂයක් හේතුවෙන්  එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය   දක්වා  සැතපුම් හතරක්  පමණ පසුපසට ගමන් කරවීමට ඊයේ (1) සිදුවිය. ඒ ආකාරයට පිටුපසට ධාවනය  කර  කැලණිය දුම්රිය ස්ථානය අසලට ළඟාවීමෙන් පසු  වෙනත්  දුම්රිය මාර්ගයක් ඔස්සේ දුම්රිය ඉදිරියට ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x