රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ. ඒ, ඔහු අද (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස අද […]

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ ගැසට් පත්‍රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බවයි. මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව […]

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය ඇතුළු නව පක්ෂ හතක් ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 […]

ඉදිරි පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේ දී අනිවාර්යෙන්ම පවත්වන බවට මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සමඟ මැතිවරණ කොමිසම පැවති සාකච්ඡාවක දී එහි සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත. ඊට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  පැවසුවේ දෙසැම්බර් 9 සහ ජනවාරි 9 අතර කාලය […]

2022 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. මේ අතර මෙවර ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු අද (31) දින සිදු කෙරෙන බවද එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කළේය. ඒ අනුව, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.